current location : Lyricf.com
/
Songs
/
Corazón sin cara [Sinhala translation]
Corazón sin cara [Sinhala translation]
turnover time:2024-05-01 10:34:31
Corazón sin cara [Sinhala translation]

ඔවුහු මට කියති

ඔබ ඔබේ රුව ගැන නොසිතන්නේහිය

දර්පණය දෙස හැරී බලන්න

රුපලාවන්‍යයෙන් තොර වූ ;කල ඔබ මොන සුන්දරද?

ඔබ මහත හෝ සිහින් නම්

ඒ ගැන මගේ ප්‍රශ්නයක් නැත.

මා සර්වසම්පූර්ණ ද නොවේ

ඔබ මේ තත්වයට කැමති කරවීමට මා සිතූ බව පමණක් දනිමි.

හදවතට මුහුණක් නැත

කවරක් වුවද මා පොරොන්දු වෙමි

අපේ ආදරය මින් නොනවතින බවට

ආදරය වැඩසිටිනුයේ ආත්මයේය

මම කොතරම් කැමති වුවත්

ඔබේ ඔය ස්වභාවය කිසි අයුරකින් වෙනස් නොවේ.

පහනක් දල්වන්න, දෙවියන්ට යාඤ කරන්න,

මේ සම්පුර්ණ හදවතක් ලබාදීම ගැන ස්තුති කරන්න

පහනක් දල්වන්න, සමාව ඉල්ලා සිටින්න,

ඔබ තමා අවලස්සන යැයි සිතන හෙයින් මේ ගීය ඔබට පුදදෙමි.

ඔබ මහත හෝ සිහින් නම් //

හදවතට මුහුණක් නැත/

කිසිවකු ආදරයේදී සර්ව සම්පුර්ණ නොවේ

අනේ සිහින් සිරුරැති ලලනාවිය, කළු සිරුරැති ලලනාවිය'

ඔබේ සමෙහි වර්ණය මට ප්‍රශ්නයක් නොවේ.

මා දෙස බලන්න, හොදින්ම මා දෙස බලන්න

මට කඩවසම් මුහුණක් ඇත්තේ නමුදු මම ද සංකීර්ණ ජීවියෙක්මි

ඔබ මහත හෝ සිහින් නම් //

හදවතට මුහුණක් නැත/

ඔබ මෙසේ සිතතොත් වඩාත් යහපත්ය

මම ඔබට දන්වන්නට උත්සාහ කලේ

ඔබේ කිසිම ස්වභාවික තත්වයක් මට වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවයි.

...................................................කොචාහි .............................................................................

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Prince Royce
  • country:United States
  • Languages:Spanish, English
  • Genre:Latino, Pop, Singer-songwriter
  • Official site:http://princeroyce.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/Prince_Royce
Prince Royce
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved